
කළා භූෂණ වැළිහිඳ මුනිරත්න නවසිනමා වෙබ් සඟරාව ට කලකට පර ලියූ ලිපිපෙලකි.
සීමාසහිත සිනමාස් සමාගමේ තෙවැනි නිෂ්පාදනය වනුයේ 1954 දෙසැම්බර් 24 දින තිරගතවනු “රදළ පිළිරුව ” චිත්‍රපට යයි. සාහිත්‍යධර ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ හාත්ස්‍යඋත්පාදක නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කෙරුනු මෙම චිත්‍රපටයේ දෙබස් සහ තිරනාටකය සකස් කෙරුනේ ටී.බී. ඉලංගරත්න විසිනි. සෙල්මිහි මොඩර්න් චිත්රාගාර අධිපති ටී.ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කළ රදළ පිළිරුව චිත්‍රපටයට ගීත 13 ක් අඩංගු විය.
“”සුදෝ සුදෝ එන්න සුදෝ” (මොහිදින් බෙග්/ ජමුනා රානි) “පෙකේ නයනරසි ” (ලතාවල්පොළ) ”දින දින අඳුරේ යයි” (ලතා වල්පොල), “ශාන්ති වේවා”, (කේ.රානි) “මවා ප්‍රේම ලෝකේ” (මොහිදින් බෙග්/ කේ. රානි) “මිහිර පෙන්නාදී” (ලතා/ධර්මදාස වල්පොල) “සුන් සුන් ඩාලින් මා”(ලතා/ධර්මදාස වල්පොල) ” දිලිසේවී රූපේ” (ලතා වෙල්පොල) “නම්බුව සොයා” (ඩොමි ජයවර්ධන/ ලතා) “ආලේ කාවි කාලේ” (ලතා/ධර්මදාස වල්පොල) “නාමේ නාමේ නාදනා” (ලතා වල්පොල) “නෝනා පොල්ල වාසනාව” (කේ. රාණි) “ගි කියන් ගී කියන්න” (ලතා වල්පොල) මෙම ගීත සියල්ලක්ම පාහේ හිංදි/ ද්‍රවිඩ ගී තනු ඇසුරෙන් සංගීත අධ්‍යක්ෂණය කළේ එස්. දක්ෂිණ මූර්ති. ගීත පද සී.ටී. ප්‍රනාන්දු විසින් රචිතය. මෙම ගීත ඇතුලත් තැටි Columbia GES 1006 සිට 1010 දක්වා නිකුත් කෙරිණි. “ආලේ කාවි කාලේ”, “නාමේ නාමේ නාදනා”, “නෝන පොල්ල” ගීත තැටිවලට නැගී නැත.
“රදළ පිළිරුව” චිත්‍රපටයේ කතාව සංක්ෂිප්තව මෙසේය.
දුගී දුප්පත් අසරණයකු වූ රපියෙල් නොහොත් රපියා – දර පැලීම – පාන් විකිණීම අයිස් විකිණීම සහ කොටුව දුම්රිය පොළේ අවුට් සයිඩ් පෝටර් වැඩ කිරීමෙන් සිය දිවිය රැක ගත්තේය. ඒ අතර හෙලෝනා නමැත්තියක විවාහ කරගැනීමෙන් පසුව කොළඹ පදිංචිය අතහැර උඩරට තේ වතුවල දළු කඩමින්, පසුව වතු කොන්දොස්තරවරයෙකුව හිඳිමින් සුළු සුළු කොන්ත්‍රාත් වැඩ කරමින් තරමක දියුණුවක් ලබා ඉන්පසු ඉස්පිරිතාල නිවාස ආදී විශාල කොන්ත්‍රාත් කරමින් ඉහළම පෙලේ ධනවතෙකු බවට පත්වීය. රපියල් බාස් මෙසේ ධනවතෙකු වුවද ඔහු නූගතෙකි. ඒ සඳහා තම සියලු කටයුතු කරවා ගැනීම පිණිස ජස්ටින් ෆොන්සේකා නම් ලිපිකරුවෙකු පත්කර ගෙන සිටියේය. එපමණකින් නොවැතුණු රපියල් බාස් කොළඹ කුරුදුවත්ත ටොරින්ටන් පෙදෙසින් සියලු සැප පහසුකම් සහිත මන්දිරයක් මිළයට ගෙන සිය බිරිඳ සමග එහි පදිංචි විය. එය ” නාදන ආය ” ලෙස නම් කෙරිණ. මෙම අඹුසැමි යුවලට සිටියේ එකම දියණියකි. රූපශ්‍රීයෙන් හා උගත් කමින් සපිරුණු ඇය නන්දාවතී නම් වූවාය. සිය දෙමාපියන්ගේ අනුමැතිය ඇතිව ඇය ගිල්බට් ජයවීර නමැති රජයේ ලිපිකරුවෙකු සමග පෙමින් බැදී සිටියාය. රපියල් බාස්ට දැනමුතු කම් හා ගුරුහරුකම් කියා දුන්නේ නොම්මර එකේ කපටියෙකු වූ චාලිහාමුය. මෙම කපටියා රපියල් බාස් මුලා කරමින් මුදල් ගසා කෑවේය. ඉනුදු නොනැවතී රදළ පිස්සුවක්ද ඔහුට බෝ කළේ තවදුරටත් ඔහුව මුලා කරමිනි.
මෙම චාලිහාමුගේ ක්රියාකාලපයට රපියල් බාස්ගේ බිරිඳ විරුද්ධතාවය දැක්වුවද ඒ කිසිවක් ඔහු කණකට නොගත්තේය. මේ රදළ පිස්සුව ක්‍රමයෙන් උත්සන්න වෙත්දි රපියල් බාස්ට සිය බිරිද හෙලෙන්නාද නොගැලපෙන්නියක ලෙස පෙනින. ඉන්පසු ඔහු චාලිහාමුගේ උපදෙස් අගය කරමින් ලැවීනියා ළමාතැනී නම් වැන්දඹු කාන්තාවක විවාහ කරගැනීමට සූදානම් විය. මෙම ළමාතැනිය වූ කලී චාලි හාමුගේ අනියම් පෙම්වතියයි. රපියල් බාස්ගේ රදළ පිස්සුව තවදුරටත් වර්ධනය වූයේ කලින් තම දියණිය හා විවාහ ගිවිසගෙන සිටි ගිල්බට් ජයවීර ද තම තත්ත්වයට නොගැලපෙන්නෙකු බව බව තීරණය කරමිනි. මේ බව දැනගත් ගිල්බට් ජයවීර කල කිරුණේය. ඔහුට කිසියම් සහනයක් ලබාදීමට ඉදිරිපත් වූයේ ඔහු සමඟ එකම බෝඩිමේ විසු කාවන් පියසේනය. ඔහු නාට්යකරුවෙකුදු වූ බැවින් රපියල් බාස් මුලාකර ගිල්බට්ට නන්දාවතී ලබාදීමට උපක්‍රමයක් යෙදුවේය. එය නම් ගිල්බට් ජයවීරව සියම් රටේ සියම් කුමාරයා ලෙස වෙස් ගන්වා රපියල් බාස්ගේ දියණිය විවාහ කරවීමට සුදුසු පසුබිම සැකසීමය.
මේ සඳහා ඔවුනට චාලි හාමුව නම්මවා ගැනීමටද උපකාරී වූයේ රපියල් බාස්ගේ ලිපිකරුගේද සහාය ඇතුවය. ලිපිකරු ජස්ටින් නන්දාවතී නන්දාවතී ෆොන්සේකා, රපියල් බාස්ට සිංහල උගැන්වීමට පැමිණි පණ්ඩිත කමලනාථ නම් හිරලුවුකුගෙන් චාලි හාමුගේ වංචාවක් හෙලි කරගත්තේය. මෙම පණ්ඩිතයා එක්තරා පන්සලක් භාරව සිටි හාමුදුරුනමක් ලෙස මීට ඉහත දී කටයුතු කරමින් සිටියදී චාලි හාමු තවත් කාන්තාවක් සමග එම පන්සලට ගොස් හාමුදුරුවෝ නොමග යවා එහි තිබූ කුඩා රන් පිළිමයක් පැහැර ගත්තේය. මේ හේතුව නිසා හාමුදුරුවන්ට පන්සල මෙන්ම සිවුරද හැරදමා යන්නට සිදුවිය. මේ සියල්ල අසා දැනගත් ලිපිකරුවා ගිල්බට් ජයවීර සමග චාලිහාමු මුණ ගැසී ඔහුගේ පරණ තෝම්බුව හෙළි කරන බවට බියගන්වා රපියල් බාස් මුලා කරගැනීමේ සියම් නාටකයට සහයෝගය ලබාදීමට පොරොන්දු කරවා ගත්තේය. මේ අනුව ගිල්බට් ජයවීර සියම් කුමාරයා ලෙස වෙස්ගන්වා දූත පිරිසක් ලෙස රපියල් බාස්ගේ “නාදන හය” ට පැමිණියේය. මේ සියම් කුමාරයා තම දියණියට ගැලපෙන්නෙකු බව තේරුම් ගත් රපියල් බාස් සිය තනි කැමැත්තට නන්දාවතී විවාහ කරවීමට සූදානම් විය. සියම් නාටකය පිළිබඳව කිසිවක් නොදත් හෙලේනා සහ නන්දාවතී ඊට විරුද්ධ වුවද ඉන් පලක් නොවීන. කෙසේ හෝ සියම් කුමාරාය ලෙස පෙනී සිටි ගිල්බට් ජයවිර කිසියම් ඉඟයකින් නන්දාවතී යනුවෙන් ඇමතීමෙන් පසුව මේ පැමිණ සිටිනුයේ තම පෙම්වතා බව තේරුම් ගත්තාය. ඉන්පසු විවාහය සිදුවී රපියල් බාගේ සියලුම දේපොල තම දියණිය නමට පැවරීමෙන් පසු සියල්ලක්ම හෙළිදරව් විනි.
මෙම චරිත රඟපෑවේ රපියල් බාස් (ලැඩී රණසිංහ) හෙලේනා (මිලී කහඳවල) නන්දාවතී (රිටා රත්නායක) ගිල්බට් ජයවීර (හර්බි සෙනෙවිරත්න) චාලි හාමු (ඩොමි ජයවර්ධන) ලැව්නියා හාමු (ශාන්ති ලේඛා) පණ්ඩිතයා (බන්දු ගුණසේකර) නන්දපහේ සේවිකාව අයිශා (උදුලා දාබෙරේ) රියැදුරු (ක්‍රිස්ට් ලෙනාඩ්) කාවන් පියසේන (බර්ට්‍රම් ප්‍රනාන්දු) ඔහුගේ පෙම්වතිය ඩොලී (ලතා වල්පොල) ඩොලීගේ මව (එස්.ඩී. එලිසබෙත් ) ආදී නළු නිළියන් විසිනි.
රඳළ පිළිරුව පනහා දශකයේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් ලෙස අපට හඳුවා දිය හැකිය.
නවමු ලතාවක සයිබර් කලාව