එදා අප දුටු චිත්‍රපටයක් ...

අශෝකා 1955

කළා භූෂණ වැළිහිඳ මුනිරත්න නවසිනමා වෙබ් සඟරාව ට කලකට පර ලියූ ලිපිපෙලකි.

සිංහල සිනමා වංශ කතාවේ 26 වෙනි චිත්‍රපටය ලෙස සටහන්වනුයේ 1955 මාර්තු 4 දා සිට සීමාසහිත සිනමාස් සමාගමට අයත් සිනමාශාලා හතක ප්‍රදර්ශනය කෙරුනු ‘අශෝකා’ චිත්‍රපටයයි. Seesha නමැති හිංදි චිත්‍රපටයේ කතා ප්‍රවෘත්තිය අනුව සැකසුනු අශෝකා නිෂ්පාදනය කරන ලද්දේ මරදානේ ප්‍රකට මුද්‍රණාලයක අධිපති ගුණරත්න මහතා විසිනි.

අශෝකා මුවිටෝන් සමාගම නිෂ්පාදිත අශෝකා එම සමාගමේ ප්‍රථම හා අවසාන චිත්‍රපටයද විය.කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේදී නිෂ්පාදිත අශෝකා හි අධ්‍යක්ෂකවරයා වූයේ සිරිසේන විමලවීරයන්ය.එතෙක් කාලයක් තමාගේම චිත්‍රපට පමණක්   අධ්‍යක්ෂණය කළ විමලවීර බාහිර නිෂ්පාදකයෙකු වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටයද අශෝකාය.හිංදි චිත්‍රපටයේ කතාව ඇසුරෙන් මෙහි දෙබස් රචනා කරන ලද්දේ පියසේන කොස්තා විසිනි.

අශෝකා චිත්‍රපටයේ ඇතුළත් වූ ගීත 12 හිංදි ගීත අනුකරන කරන ලද්දකි.කරුණාරත්න අබේසේකර (ප්‍රථම වරට ගී පබැඳීම),හර්බට් එම සෙනෙවිරත්න සහ පියසේන කොස්තා මෙම ගීත පබැඳීම කරන ලද අතර සංගීතය සැපයූවේ ජී.එල්.ඒ.සෝමපාලයන් විසිනි.අශෝකා චිත්‍රපටයත ඇතුළත් ගීත හඩපටය සඳහා සංගීතය සපයා ඇත්තේ කේ.වී.මහදේවන් විසිනි. චිත්‍රපට හඬපටයේ ගීත බෙහෙවින් දුර්වල තත්වයක පැවතියද එම ගීත වෙළඳ තැටි වලට නැංවීම තුළින් වඩාත් ජනප්‍රිය වූ බව වෙසෙසින් සඳහන් කළ යුතුය.

කතරගමේ දෙවිගේ බිමේ’ ගීතය චිත්‍රපටයට ඇතුළත් කෙරුනේ ධර්මදාස වල්පොල සහ විනෝදනීගේ හඩිනි. පසුව තැටි වලට නැංවීමේ දී එම ගීය ගායනා කරන ලද්දේ ධර්මදාස වල්පොල සහ සත්‍යවතී විසිනි.එසේම එඩී යාපා සහ ඒ.ජේ,කරීම් ගැයූ ‘ සීයා මනමාලයා ‘ ගීතයද පසුව මොහිදීන් බෙග් සහ ධර්මදාස වල්පොල යොදවා වෙළඳ තැටි වලට නගන ලදී.අශෝකා චිත්‍රපට ගීත හයකින් යුතුව Columbia ලේබලය යටතේ නිකුත් කෙරින.

පුණ්‍යා හීන්දෙනිය නමැති ප්‍රථිභාපූර්ණ රංගන ශිල්පිනිය ප්‍රථම වරට සිනමාවට පිවිසියේද අශෝකා චිත්‍රපටයට ඇතුළත් වූ පණීභාරතයන්ගේ නැටුම් කණ්ඩායමේ ශිල්පිනියක් ලෙසිනි. අශෝකා හි කාර්මික අංශය.

  • කැමරා අධ්‍යක්ෂණය – පෝල් මතායස්ශ
  • බ්ද – ටී.එස්.රාජු
  • වේශ නිරූපණය – සී.එල් බාකරන්සං
  • ස්කරනය – අහමඩ් කුමාර්ර
  • සායනාගාර කටයුතු – ගෝපිස්වේන්චි
  • ත්‍රාගාරය – නවජීවන චිත්‍රාගාරය – කිරිබත්ගොඩ
  • කලා අධ්‍යක්ෂණය – දයා කරුණාසේන

 

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ පුෂ්පා ජෙනට් ඉන්පසු ‘ පොඩි පුතා’ චිත්‍රපටයේ රඟ පෑමෙන් පසුව අශෝකා හි නිෂ්පාදන කළමකාර  ධර්මදාස කුලතුංග සමඟ විවාහ වී සිනමාවෙන් සමුගනු ලැබුවාය.

අශෝකා චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේ දක්වමු.

මෙම චිත්‍රපටයේ නාමාවලියෙන් පසුව “මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා” යන කවීය පසුබිමින් ඇසෙනුයේ මාතර නගරයේ නිල්වලා ගංගා වෙතට කැමරා ඇස යොමුවෙමිනි. ඩොනල්ඩ් හාමු කොළඹ ජීවත්වෙන ධනවතෙකි.ඔහු සිය බිඳ සිසී සමඟ වන්දනා ගමනක යෙදෙයි. ඔවුන් කිරිවෙහෙර, කතරගම ආදී පූජනීය ස්ථාන වැඳපුදාගෙන ආපසු එන අතරේදී දරු ප්‍රසූතියකට ආසන්නව සිටින සිසී හදිසියේම විළිරුදාවෙන් පෙළෙන්නට විය.ඒ සඳහා ඔවුන් අසල ගොවි නිවසකට ගොඩවැදෙයි. මෙම නිවසේ දෙමහල්ලන්ට ගැහැණු දරුවන් පස් දෙනෙකුම සිටියි.

පිරිමි දරුවෙකු නොලැබීම නිසා ඔවුන් මහත් ලතැවිල්ලෙන් පසුවෙන අතරේදී ගොවි බිරිඳ නැවතත් ප්‍රසූත කළේ ගැහැණු දරුවෙකි. ගොවිගෙදර පවතින තත්වය කෙරෙහි අවධානය යොමු කරන ගොවි බිරිඳගේ නැන්දනිය විසින් ඒ වනවිට ඩොනල්ඩ් හාමුගේ බිරිඳ එම නිවසේදීම ප්‍රසූත කළ පිරිමි දරුවාට මාරු කරයි. එතැන් සිට ගොවි බිරිඳගේ දියණිය අශෝකා නමින් ඩොනල්ඩ් හාමුගේ නිවසේ සැප පහසුකම් මධ්‍යයේ වැදෙද්දී ඩොනල්ඩ් හාමුගේ පුතු සරත් නමින් ගොවි නිවසේ වෙසෙයි.  

ඔහු තරුණ වියට එළඹීමෙන් පසු රැකියාවක් සොයා යන අතරතුරේදී ඩොනල්ඞ් හාමුගේ නිවසේ රියැදුරු ලෙසත් රැකියාවට පත්වෙයි.කාලය ගෙවී යද්දී අශෝකා සහ සරත් අතරෙහි ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙයි.මේ අතර ඩොනල්ඩ් හාමුගේ බෑණා කෙනෙකු වන හැරී ද අශෝකා විවාහ කරගැනීමේ අදහසින් පසුවෙයි.මෙම හැරී නමැත්තා වූ කලී දූෂිත චරිතයක් ඇති කපටියෙකි.ඔහු තම පියාගේ කාර්යාලයේ සේවිකාවක වන රීටා නමැත්තිය සමඟ දැඩි ඇසුරකින් පසුවෙමින්ම ඩොනල්ඩ් හාමුගේ බූදලය තමා සතුකොට ගැනීමේ එකම බලාපොරොත්තුව ඇතුව අශෝකා විවාහ කර ගැනීමට සුදානම් වෙයි.

දිනක් රීටා අශෝකා මුනගැසී හැරී සහ තමා අතරෙහි සම්බන්ධයක් ඇති බවත් ඔහු නිසා තමාට දරුවෙකු ලැබීමට සිටින බවත් පවසයි. මේ අතරම අශෝකා සහ සරත් අතරෙහි පවත්නා ප්‍රේම සම්බන්ධය දැනගත් ඩොනල්ඩ් හාමු ඔවුන්ව ලුහුබඳියි.අශෝකා සමඟ සරත් ඔහුගේ නිවසට සේන්දුවෙද්දි ඒ පසුපසින්ම පැමිණි ඩොනල්ඩ් හාමු සරත්ට වෙඩි තබයි.ඉන්පසු සරත්ව හදාවඩාගත් ගොවි බිරිඳ සියළු තතු ඩොනල්ඩ් හාමුට පවසමින් මීට අවුරුදු විස්සකට පෙරාතුව තමා ලද දියණිය අශෝකා බවත් සරත්ගේ පියා ඩොනල්ඩ් හාමුගේ බවත් මෙම දරුවන් මාරුකිරීම සිය මව විසින් සිදුකළ බවත් පැවසූ කල්හි ඔහු ශෝකයෙන් හඬා වැටෙයි.

සරත්ගේ මරණය දෑසින්ම දැකගත් අශෝකාද තම ප්‍රේමය අමරණීය බව පැහැදිලි කරමින් සියදිවි හානිකගනියි.මේ අතර තමා හා අශෝකා අතරේ විවාහයට එකම බාධාවක්ව සිටින රීටා මරා දැමීම හේතුවෙන් හැරීව පොලිස් අතඩංගුවට පත්වෙමින් කතාව නිමාවට පත්වෙයි.

අශෝකා චිත්‍රපටයට ඇතුළත් ගීත තනු උපුටාගනු ලැබූ හිංදි චිත්‍රපට මෙසේ දක්වමු.

  • පෙම් සුවඳයි මංගල සිරිදෙයි -Ek do theen – 1953
  • සටනෙකි ජිවිතේ – Dil e naday- 1953
  • සීයා මනමාලයා – Rail ka dibba – 1953
  • කතරගමේ දෙවිගේ බිමේ – Guhar – 1953
  • පායන සඳසේ – Jamela – 1954
  • පෙම් පහන නිවී – Ahh – 1953
  • මරුවා පමනි ඉන්නේ ඇයි – ….. dibba – 1953
  • තනිවයි උපන්නේ – Dost – 1954
  • පෙම්වතේ සංගීතේ – Sohag zindoor – 1953
  • ලෝකේ සිහිනයක් වගේය – Anarkali – 1953
  • ආදරේ සාගරේ – Sangufa – 1954