අදට ගැලෙපන චිත්‍රපටයක්...

අදට ගැලෙපන චිත්‍රපටයක් "සතියකට මට රට බාරදෙන්න"

රන්ජන් රාමනායක සිනමාවට හදුන්වාදෙමින් “ජය කොතනද” තැනූ සෝමරත්න රාමනායකගේ දෙවෙනි සිනමා නිර්මානය සතියකට මට රට බාරදෙන්න PEO TV තුලින් ඔබට දැන් නැරඹීය හැක.

මෙහි ප්‍රධාන චරිතයක් වන එලාරිස් හරිහමන් පියකු නැති පන්සලක් පාසලක් පල්ලියක් නුදුටු නොහික්මුනු අයෙක් ඉන්පසු ඔහුට සමීප වන එමා නම් රූමත් තරුණිය  එලාරිස්ගේ ජීවිතය වෙනස්ම මගකට යොමු කරනවා දේශපාලනය යනු සේවාවක් නොව පරම්පරාවකට හම්බ කරන උල්පතක් ලෙස සලකන සල්ගාදුගෙ නෙත ගැටෙන එමා තුලින් එලාරිස් ප්‍රබල දේශපාලන චරිතයක් ලෙසට මතු වෙනවා කෙසේ හෝ සල්ගාදුගෙ බිරිඳ වන නෙලා තම සැමියගේ නොහොඹිනා ක්‍රියා  නුරුස්සමින් එමා නැති කිරීමට සැලසුම් කරනවා මෙම සෑම සිදුවීමක් දෙසම බලාසිටිමින් මෙහි එන ප්‍රධාන චරිතය වන ටිප් ටොප් සිල්වා මුදල් සහ බලය පසුපසම හඹා යන, අතට හසු වන හැම දේම තමන්ගේම කර ගනීමට මාන බලන සල්ගාදු, එලාරිස්, එමා,වැනි  චරිත වලින් තොර මානුෂීය සුන්දර මිනිස් සඹඳතා වලින් පිරුනු පරමාදර්ශී රටක් නිර්මානය කිරීමට සිහින දකිනවා ඒ සිහිනය සැබෑ කර ගැනීමට සතියකට තමාට රට බාරදෙන ලෙස ටිප් ටොප් සිල්වා  ඉල්ලනවා.

සෝමරත්න රමනායක විසින්   කතාව ,දෙබස්, තිර රචනය ලියා   නිෂ්පාදනය කර අධයක්ෂණය කරන ලද සතියකට මට රට බාරදෙන්න චිත්‍රපටියට වීජයරත්න වරකාගොඩ, විනූ වෙත්තමුනි,වසන්ත කුමාරසිරි,රිචර්ඩ් වීරක්කොඩි, දම්මි ගොඩමුනේ, කපිල සිගේරා චරිත නිරූපනයෙන්ද නීල් වර්නකුලසූරිය,කපිල මැද්දෙගොඩ සංගීතයෙන්ද, එම්. එස්. අලිමාන් සංස්කරනයෙන්ද දායක වෙනවා.

එලාරිස් නවතින්නෙ කොතනද? එමාගේ ඉරනම කුමක්ද?සල්ගාදුගෙ අවසාන පියවර කුමක්ද?ටිප් ටොප් සිල්වාට සතියකට රට බාර දෙයිද? මේ සියල්ල දැනගන්න “සතියකට මට රට බාරදෙන්න” ඔඹත් නරඹන්න.