අහස් මුහුරත් උළෙල Featured

බුද්ධිනී ජයවර්ධනගේ අහස් නව කතාව ඇසුරින් බුද්ධිනී ජයවර්ධන ම පිටපත ලියූ අහස් ටෙලි නාට්‍ය යේ මුහුරත් උළෙල පසුගියදා ආරම්භ වුණි. මෙම ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ නුවනි වලිමුනි සමඟ බුද්ධිනී ජයවර්ධන. හිරාන් යටටෝවිට, මුතු තරංගා, නිලන්ති විජේසිංහ, රිචඩ් මානමුදලි, සුසන්තා චන්ද්‍රමාලි, කිංස්ලි ලෝස්, ගීතා කාන්ති ජයකොඩි, සූර්යා දයා රුවන්, කාවිංග පෙරේරා, ලක්ෂිකා ෆොන්සේකා, ශිරෝමිකා ප්‍රනාන්දු , අන්ජලී ලියනගේ, ඉෂාන් මෙන්ඩිස්, ගයාන් ලක්රුවන්, පබසරා කාරියවසම් අහස්හි රංගනයෙන් දායක වේ. අහස්හි අධ්‍යක්ෂණය සුමේන්ද්‍ර කිතුලෙගොඩ. ජනක මාපිටිය සමඟ සමිත් අලහාකෝන් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන අතර තිලාන් බාල සූරිය අංග රචන ශිල්පියා ලෙස කටයුතු කරයි. ලකී අතාවුධ සහය අධ්‍යක්ෂණයෙන් ද වසන්ත චන්ද්‍රලාල් නිෂ්පාදන කලමනාකාරිත්වයෙන් ද අහස් ට දායක වේ.

මේ එහි දසුන් කිහිපයකි
විජිත