මගේ ජීවිතේ මම මැරෙන තුරු ඉගෙන ගන්නවා - නීටා ප්‍රනාන්දු

මගේ ජීවිතේ මම මැරෙන තුරු ඉගෙන ගන්නවා - නීටා ප්‍රනාන්දු Featured

මෙරට සිනමා කලාඉතිහාසය තුල නීටා ප්‍රනාන්දු  නාමය  සුවිශේෂීය. දේශීය සිනමාව ජාත්‍යන්තර තලයේ බැබලවීම පිණිස ඇගෙන් ඉටුවූ සේවය මෙරට සිනමා ඉතිහාසය තුල සදා අනුස්මරණීයය. පසුගියදා පැවති සුමති ටෙලි සම්මාන උලෙලින් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යූ . ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇයයි. පුර දශක පහකට ආසන්න කාලයක් සිනමාවේ රැදී සිටිමින් මෙරට සිනමාවට කල මහගු මෙහෙවර අගයනු වස් මෙම උපහාරසම්මානය ඇය වෙත තිලින කරන ලදී, ඇගේ කලා ජීවිතයේ නවතම තතුත් සම්මානය පිලිබද සතුටත් විමසනු පිණිස පසුගිය දිනක අපි ඇය හමු වුණා.

 
සම්මානයක උණුසුම මැකී යන්නත් පෙරමයි අපි හමුවෙන්නේ. ඔබ ජීවිතේ එක්වරක් පමණක් හිමිවන සම්මානය උරුමකාරිණියක්. මොනවද දැනෙන්නේ සිතට?
ඇත්තටම මට ලොකු සතුටක් හිතට දැනෙනවා.අපි සිනමාව වෙනුවෙන් ඉටු කරපු මෙහෙවර අමතක නොකිරීම පිලිබදව. මේ සම්මානය මට හිමිවුණේ 22 වැනි සුමති සිනමා උලෙලින්. සම්මාන උලෙල පැවතියේ ටෙලිනාට්‍ය වෙනුවෙන් වුවත්. වර්තමානය වෙනකොට මමත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රැදීසිටින නිසාත් මේ සම්මානය මට ගොඩාක් වටිනවා. මේ සම්මනය මට මිලිනා සුමතිපාල මැතිනිය අතින් ලබාගන්න නොලැබීම ගැන ඇත්තටම මම කනගාටුවට පත්වෙනවා. ඇත්තටම එතුමිය ජීවතුන් අතර සිටියානම් මට මේ සම්මානය ලබා ගන්න වෙන්නේ එතුමියගේ අතින් තමයි. 
 
nita 2
ඔබ වේදිකාවට සම්ප්‍රාප්තවෙලා කියලත්  පසුගිය දවස්වල ආරංචි වුණා.?
මට වේදිකාව අලුත් දෙයක් නොවෙයි. මම සිනමාවට ආපු අලුතම වගේත් වේදිකාවට සම්බන්ධවුණා. ඒ ගුණසේන ගලප්පත්ති ගේ ' සදකිදුරු" නාට්‍යයේ සද කිදුරියට රගපාමින්. ඊට පස්සෙත් සුමන ආලෝක බණ්ඩාරගේ නාට්‍යයක රගපෑවා. මෑත භාගයේ නාමෙල් මාලිනී පුන්චි තියටර් එකේ නාට්‍ය  දර්ශන දෙකකවගේ රගපෑවා,කමල් අද්දරාඅරච්චිත්සමග. දැන් මම  සම්බ්න්ධ වෙලා ඉන්නේ තනුජ් අනවරත්න නිශ්පාදනය කල ' හද එලියට වෙඩිතියන්න '' කියන නවතම නාට්‍යයට. තනුජ් කියන්නේ මගේ නිසල ගිර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. ඔහු කලක පටන් තමයි මේ නාට්‍යය කරන්න බලාගෙන හිටියේ.කාලෙකින් වේදිකාවට ගොඩවදිනකොට මට ටිකක් චකිතයක් දැනුණා. මගේ හඩ පාලනය වැනි දේ හරියාකාරව තිබෙනවද කියන එක මට ටිකක් ප්‍රශ්නයක් වුණා. නමුත් තනුජ් ගේ උපදෙස් අනුව මට ඒක පහසුවෙන්මකරගන්න පුලුවන් වුණා.
 
ඔබේ සිනමා රංගනයේ නවක තතු කොහොමද
මීට ටික කලකට ඉස්සර මම ධර්මසේන පතිරාජ සමග කල '' ස්වරූප '' චිත්‍රපටය මේ දිනවල තිරගතවෙනවා' මම පතිරාජයන් සමග වැඩකල පලමු අවස්ථාව මේක . මුල් කාලයේ මට එතුමාගේ ඇසුර නොලැබෙන්න හේතු වුණේ මගේ විවාහයත් එක්කම මම දීර්ඝ කාලයක් සිනමාවෙන් ඉවත්වී සිටීමයි. ඒ කාලේ පතිරාජයන් මාව හොයල තිබුන චිත්‍රපටයක් කරන්න. නමුත් ඒකට මට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුනේ නැහැ.ඒත් මෑත භාගයේ හෝ එතුමාත් සමග චිත්‍රපටයකවැඩ කරන්න ලැබීම පිලිබද මට සතුටුයි.
මේ දිනවල තිරගත වන එතුමාගේ ' ස්වරූප'' චිත්‍රපටයේ මම රගපාන්නේ මවකගේ චරිතයක්. මගේ ස්වාමි පුරුෂයා හැටියට රගපන්නේ ඩබ්ලිව්. ජයසිරි. මේ චරිතයත් මම බොහොම කැමැත්තෙන් රගපාපු චරිතයක්.
ඒත් එක්කම පසුගිය දිනවල මට තව නවක අධ්‍යක්ෂවරයෙකු සමග වැඩ කරන්න ලැබුනා. ඔහු පිලිබද මම මීට පෙර දැනගෙන තිබුනෙත් නැහැ. ඔහු මෙරට ජීවත්වෙන කෙනෙකුත් නොවෙයි.ඔහු විසාකේස චන්ද්‍රසේකරම්. ඔහුගේ 'පාංශූ'' කියන චිත්‍රපටයේ මම රගපෑවා'. ඒක මට අලුත්ම අත්දැකීමක් වුණා.විසා වගේ අලුත් අධ්‍යක්ෂකවරයෙකුගෙන් මම ගොදක් දේවල් ඉගෙන ගත්තා. මට ප්‍රවීණද අලුත් ද කියල නැහැ මගේ ජීවිතේ මම මැරෙන තුරු ඉගෙන ගන්නවා. මේ චිත්‍රපටය රූගත කරන්න පලමුව විසා අපි හැමදෙනාටම දින 08 ක වැඩමුලුවක් පැවැත්වුවා. ඉන් පස්සේ තමයි රූගත කිරීම ආරම්භ වුනේ.මේ චිත්‍රපටයේත් මම රගපාන්නේ අම්ම කෙනෙකුගේ චරිතයක්. මේ අම්මගේ පුතා නැතිවෙලා. ඔහු සොයන අම්මාකෙනෙක් මේ චරිතය. මේ අම්ම රෙදිසෝදන ගැහැනියක් . ඒ නිසා ඇයට හොදටම පිහිනන්න පුලුවන්වෙන්න ඕන. ඉති විස මගෙන් මුලින්ම ඇහුව ප්‍රශ්නය තමයි පිහිනන්න පුලුවන්ද කියන එක. මම වතුරට හරිම බය කෙනෙක්. මට පිහිනන්න බැහැ. ඉතින් මම මාස 09 ක් වැනි කාලයක් පිහිනන්න ඉගෙන ගත්තා, මගේ දක්ෂතාවය කොච්චරද කියනවානම් කියන්න ලැජ්ජයි තවමත්මට පිහිනන්න බැහැ. හැබැයි හොද වෙලාවට චිත්‍රපටය ඕන වුනේ උඩු අතට පීනන්න. ඒක මම හරියට කලා.
 
ඔබ අපේ සිනමාවේ නිලියක් පමණක් නොවෙයි. චිත්‍රපට නිෂ්පාදිකාවක් ඔබේ නිෂ්පාදන භූමිකාවට මොකද වුණේ?
තවමත් මම චිත්‍රපට නිෂ්පාදනය කරනවා. පවුරු වලලු වැනි නිෂ්පාදනයක් කරල මම මගේ රටට ජාත්‍යන්තරවශයේ කීර්තියක් අත්කර දුන්නා. ඊට පස්සෙත් මම නිසල ගිර වගේ නිෂ්පාදන කළා. තව මගේ නිෂ්පාදන ද්විත්වයක් ඉදිරියේදී ප්‍රදරශනයට නියමිතයි' ඉතාම ලගකදී ඒ චිත්‍රපට දෙකත් තිරගත් කරන්න බලාපොරොත්තු වෙනවා. '' තේජා' චිත්‍රපටය නිලන්ත හපන්වීරගේ අධ්‍යක්ෂණයක්. ඒකෙන් කියවෙන්නේ අපේ ඇගලුම් ක්ෂේත්‍රයේ නියුතු ගැහැනු ලමයින්ගේ ජීවන ගැටලු පිලිබදයි. අනෙක් චිත්‍රපටය ' ස්වර ' . සංජය නිර්මාල් ගේ චිත්‍රපටයක්. මේකට පාදක වුණේ ඒඩ්ස් රෝගයයි. එය යෝලන්ඩා වීරසිංහගේ කතා තේමාවක් අනුව ලියවුණක්' මේ චිත්‍රපට දෙකම කර දැන් සෑහෙන කාලයක් වෙනව නමුත් මට හිතෙනව මේ තේමාවන් අදටත් හෙටටත් සර්වකාලීනයි කියල.
 
ඒ විතරක් නොවේ. ඔබ මේ දිනවල පුංචි තිරයේත් දකින්න ඉන්නවනේද?
ඔව්. ඒ තුසිත ද සිල්වාගේ ' සොදුරු දඩයක්කාරයා'' ටෙලිනාට්‍යයේ, ඒක නිශ්පාදනය කලේ වසන්ති චතුරානි සහෝදර සිනමා ශිල්පිනිය . ඉදිරියේදී තුසිතගේම ' මන්දාරම්පුර'' ටෙලිනාට්‍යයේද රගපානවා.
හේමාලි