ධර්මයුද්ධය අදායම් වාර්තා බිදී  ජයග‍්‍රාහී පවුල් සිංගප්පූරුවට

ධර්මයුද්ධය අදායම් වාර්තා බිදී ජයග‍්‍රාහී පවුල් සිංගප්පූරුවට Featured

තිරගත වීම ආරම්භ කළ දින සිට මසක් ඇතුලත දෙලක්ෂ විසිපන්දහසකට අධික පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් නැරඹූ ධර්මයුද්ධය චිත‍්‍රපටය දින තිහක් ඇතුලත ලැබූ ආදායම රුපියල් ලක්ෂ පන්සිය දහහතරකි. එය කරුණු කිහිපයක් නිසාම නව ආදායම් වාර්තාවක් බවට පත්ව තිබේ. සීමාසහිත මහරාජා එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ධර්මයුද්ධය චිත‍්‍රපටය MTV සමාගමේ නිශ්පාදනයකි.
 
චිත‍්‍රපටය තිරගතවීම ආරම්භ කොට දින 30ක් සපිරීම නිමිත්තෙන් ධර්මයුද්ධය චිත‍්‍රපටය නැරඹූ පේ‍්‍රක්ෂකයින් අතරින් එක් පවුලක් තෝරාගෙන සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝ නැරඹීමට ගුවන් ප‍්‍රවේශපත‍්‍ර, නවාතැන්, ගමන් බිමන් වියදම් සහ යුනිවර්සල් ස්ටුඩියෝ ප‍්‍රවේශ පත‍්‍රද ලබා දීමට මහරාජා එන්ටර්ටේන්මන්ට්ස් සමාගම කටයුතු යොදා ඇත. අනුරාධපුර විජේන්ද්‍ර‍්‍ර සිනමාශලාවෙන් ධර්මයුද්ධය චිත‍්‍රපටය නරඹා,ජයග‍්‍රහනය කරන ලද එච්. ජගත් දේවප‍්‍රිය හපුආරච්චි මහතා, මේඛලා මාධවී දිසානායක මහත්මිය සහ එච්.ශයිනි ලියානා හපුආරච්චි දියණිය යන, එම පවුලේ සැම 2017 අගෝස්තු මස 14 දින ඔවුන්ට හිමි ත්‍යාගය මහරාජා එන්ටර්ටේන්මන්ට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී නීතීඥ සුසාර දිනාල් මහතා සහ ධර්මයුද්ධය චිත‍්‍රපටයේ පොඞ්ඩිගේ චරිතය නිරූපණය කරන ළමා නිළි විනුමි වන්සදී අතින් ලබා ගන්නා ලදී.
 
 KSR6276
 
ඔවුන් අගෝස්තු 21 වන සඳුදා සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතයි. මෙවැනිම ජයග‍්‍රාහී පවුල් ඉදිරියෙදිත් තෝරා ගැනීමට අපේක්ෂා කරන බව මහරාජා එන්ටර්ටේන්මන්ට් සමාගම පවසයි. ධර්මයුද්ධය චිත‍්‍රපටය ලබා ඇති අසීමිත පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය හේතුවෙන් ගෙවුන සති අන්තයේ සිනමාශාලා රැුසක් සම්පූර්ණයෙන් පිරී ගොස් තිබූ අතර එය සිංහල සිනමාවේ ඉදිරිය පිළිබඳ සුබ පෙරනිමිත්තක් බව නීතීඥ සුසාර දිනාල් මහතා වැඩි දුරටත් පැවසීය.
 
 KSR6331
 KSR6424