කුමාරිට දැන් සුවයි

කුමාරිට දැන් සුවයි

පසුගියදා උගුරේ ආසධනයක් නිසා අසනීපව සිටි කුමාරි මුණසිංහ දැන් සුවය ලබා සිටී. මේ දිනවල මුතුකුඩ, බෝංචි ගෙදර, ඉන්ද්‍රජාලී වැනි ටෙලිනාට්‍ය වල රූ ගත කිරීම් නිසා කාර්යබහුලත්වයට පත්ව සිටී. ඇය ඉදිරියේ තිරගත වීමට නියමිත ටෙලිනාට්‍ය චිත්‍රපටි කිහිපයක වැඩ බාරගෙන තිබේ.

මෙතෙක් රගපා චරිත අතරින් ජැක්සන් ඇන්තනි මහතාගේ ඇසල කළුවර හීකන්නගීගේ චරිතයට ඇය අදටත් ආදරය කරයි. චරිත තෝරා බේරාගෙන රගපාන ඇය “උන්මන්තක“ චරිතයක් ලැබුනොත් වඩාත් කැමති බව පවසයි.

අධ්‍යාපනයලබන කාලයේදීම පවුල් පසුබිම මත කළා ලොවට පිවිසි කුමාරි සිය දරු පවුලම කළා ලොවේ ඉහල තලයේ සිටුනු දැකීමෙන් වඩාත් සතුටට පත්වේ.

කවදත් චාම් සරල ජීවිතයකට හැඩ ගැසුනේ මවගේ මගපෙන්වීමෙන් බව කුමාරි කියයි.  රඟපෑමට මෙන්ම ගායනයට ද හපන් කුමාරි මේ දිනවල පැදුරු  සාජ්ජ වලද ගීත ගයන බවද පැවසුවාය.

“මමත් මාගේ මහත්තයා ජැක්සනුත් පෙම්වතුම්ව සිටි කාලයේදීම අපෙ පවුල සැලසුම් කරා. දරුවන් මේ මේ තැන්වල සිටිය යුතු බව අප දෙදෙනාම එදා පාර්ථනා කළා.”

අපේ පොඩි පුතා සජිත අනුත්තරාගේ“ස්වර්ණපාලියේ” ගීතය රුගත කර සංස්කරණය කරමින් පවතිනවා. එය ඉදිරි දිනක විකාශනය වීමට නියමිත බව කුමාරි වැඩි දුරටත් පවසයි.