ධර්ම යුද්ධය දැන් තිරගත වේ

ධර්ම යුද්ධය දැන් තිරගත වේ Featured

ධර්මයුද්ධය අද සිට තිර ගත වේ
ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ඩග්ලස් රණසිංහ, කුසුම් රේණු, කුමාර තිරිමාදුර, තිසුරි යුවනිකා, විනුම් වනසදි, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, අවන්ති අපෝන්සු, රොෂාන් පිලපිටිය, ආනන්ද අතුකෝරල, ධනුක දිල්ෂාන් රංගනයේ යෙදෙන කැපිටල් මහරාජා ආයතනය නිෂ්පාදනය කළ අති දැවැන්ත සිනමාපටය ධර්මයුද්ධය මෙම මස 14 වැනිදා එනම් අද සිට තිර ගත වේ.ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ වෙයියාර් රවිගේ අධ්‍යක්ෂණයක්වන ධර්මයුද්ධය ෂන්මුගම් සරවනන්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. ජීතු ජෝෂප් කතාව සැකසූ ධර්මයුද්ධය හි දෙබස් ප්‍රගීත් රත්නායකගෙනි. ගිහාන් රංග බණ්ඩාර සම අධ්‍යක්ෂවරයාය
. මහරාජා ආයතනය නිපැයූ තෙවැනි සිනමාපටය වන ධර්මයුද්ධය ප්‍රකට මලයාලම් සිනමාපටයක් වන දෘෂ්‍යම් අනුසාරයෙන් නිර්මාණය වී තිබේ. එම සිනමාපටයම දමිල, තෙලිඟු සහ හින්දි බසින් ද නිර්මාණය වී තිබීම විශේෂත්වයකි මහරාජා ආයතනය නිපැයූ තෙවැනි සිනමාපටය වන ධර්මයුද්ධය ප්‍රකට මලයාලම් සිනමාපටයක් වන දෘෂ්‍යම් අනුසාරයෙන් නිර්මාණය වී තිබේ. එම සිනමාපටයම දමිල, තෙලිඟු සහ හින්දි බසින් ද නිර්මාණය වී තිබීම විශේෂත්වයකි .
රීගල් - කොළඹ, මැජෙස්ටික් - බම්බලපිටිය, ලිඩෝ - බොරැල්ල, ලිබර්ටි ලයිට් - කොල්ලුපිටිය, ඕඩියන් - ගල්කිස්ස, සිටි සිනමා - ගල්කිස්ස, ඇමිටි ලයිට් - මහරගම, මෙට්රෝ - නුගේගොඩ, සිනේ ලේඛා - හෝමාගම, ස්කයි ලයිට් - මාලඹේ, එමෙස් - මොරටුව, ටී, පී සිනමා - කඩුවෙල, හිමාලි - කිරිබත්ගොඩ, නිකාඩෝ - කඩවත, විස්ටා ලයිට් - ජා-ඇල, රීගල් - ගම්පහ, නයෝමි - ගම්පහ, රෝයල් - මීගමුව, සීගිරි - වේයන්ගොඩ, මිහිර - මීරිගම, මාෂා - පානදුර, චිත්‍රා - කළුතර, ප්ලාසා - කළුතර, දුල්ම්ණී - හොරණ, නිව් ජානකී - මතුගම, පි‍්‍රන්ස් - ගාල්ල, නිව් සිනමා - මාතර, ස්කයි ලයිට් - මාතර, රුහුණු - තංගල්ල, නිව් විශාකා - ඇඹිලිපිටිය, චන්ද්‍රා - අවිස්සාවේල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, ශ්‍රියා - වාරියපොල, මහලේකම් - කුලියාපිටිය, සරසවි - අලව්ව, නීලා - දංකොටුව, දර්ශණ - කොස්වාඩිය, රීගල් - මහනුවර, එරීනා - කටුගස්තොට, ජයබිම - ගම්පොල, මිලානෝ - කෑගල්ල, සිනේශා - නාවලපිටිය, විජේන්‍ද්‍ර - අනුරාධපුර, සිනේ ස්ටාර් - අනුරාධපුර, එච් එච් පී - මොණරාගල, රෙක්ස් - බදුල්ල, සීගිරි - බණ්ඩාරවෙල, නිව් ලයින් - දඹුල්ල, මැජෙස්ටික් - යාපනය ඇතුළු සි. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලා පණහක තිරගතවීම ඇරැඹේ