ඔහොම හොඳද , සූරයන්ගෙත් සූරයා නැවත ඔබ වෙත.......

ඔහොම හොඳද , සූරයන්ගෙත් සූරයා නැවත ඔබ වෙත....... Featured

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ වානිජ සිනමා සිත්තම් අතුරින් අතිශය ජනප්‍රිය වූ සිනමාපට දෙකක් ලෙස ගැනෙනුයේ ජේ.සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ “ඔහොම හොඳද“  චිත්‍රපටය සහ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ “සූරයන්ගෙත් සූරයා“ චිත්‍රපටයයි.

“රජකම් කෙරුවත්“ , “කියන්නම් කතාවක්“,  “කොමළපපා“ වැනි අදටත් ජනප්‍රිය ගීත රාශියක් සමන්විත චිත්‍රපටයකි “ඔහොම හොඳද“.  ගාමිණී ෆොන්සේකා සමගින් සෝනියා දිසා,බැප්ටිස් ප්‍රනාන්දු,රොබින් ප්‍රනාන්දු, ඩී.ආර්.නානායක්කාර,හියුගෝ ප්‍රනාන්දු වැනි ජනප්‍රිය ශිල්පීන් රාශියක් ඔහොම හොඳද චිත්‍රපටයේ රංගනයෙන් දායක විය.

ගාමිණී ෆොන්සේකා,සන්ධ්‍යා කුමාරි,සෝනියා දිසා,සේනාධීර රූපසිංහ,එඩ්නා සුගතපාල ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියකගේ රංගනයෙන් “සූරයන්ගෙත් සූරයා“ චිත්‍රපටයෙන් දැකගත හැකිය.

60 දශකයේ අග භාගයේ ආදායම් වාර්තා බිඳහෙළු මෙම දැවැන්ත චිත්‍රපට දෙක නැවත ලාංකීය ප්‍රේක්ෂකයන්ට රස විඳීමට නව සිනමා චිත්‍රපට සමග රන්දිව හෝම් වීඩියෝ වෙතින් මේ මස 20 වෙනිදා සිට ඔබට අවස්ථාව සලසා ඇත. ඔබට ළඟම ඇති DVD වෙළඳ සැලෙන් 20 වෙනිදා සිට ලබා ගත හැක.