බ්‍රේකින් නිවුස් එතෙරට

බ්‍රේකින් නිවුස් එතෙරට Featured

බ්‍රේකින් නිවුස් එතෙරට

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කල 14වන සිනමා නිර්මාණය සහ ලකී ඩයස්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය බ්රේකින් නිව්ස් දැවැන්ත සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට ප්‍රථම ඕස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශනය ආරම්භ විය.එහි මංගල දර්ශනය 28 දින ඕස්ට්‍රේලියාවේදී පැවැත් විණි.බ්‍රේකින් නිව්‍ස් සිනමාපටය ම්‍ෙ වසර අවසානයේ දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
එදා මෙදා තුර හාස⁣⁣⁣යෝත්පාදක චරිත නිරූපණයේ අමරණීය අසාහාය රංගන ශිල්පී විජය නන්දසිරිගේ දැවැන්ත රංගනයෙන් ඔපවත් වූ බ්රේකින් නිව්ස් තුල මහේන්ද්‍ර පෙරේරා , ලකී ඩයස් , රෙක්ස් කොඩිප්පිලි , හිමාලි සිරිවර්ධන , ශිරෝමිකා ප්‍රනාන්දු , ලසන්ත උඩුකුඹුර , විශ්ව ලංකා , නයනතාරා වික්‍රමආරච්චි , බිංදු බෝතලේගම ඇතුළු ජනප්‍රිය නළු නිළි කැළක⁣ගේ රංගන දායකත්වය දැකගත හැකිය.
සංගීත නිර්මාණය සම්‍මානනීය සංගීතඥයකු වන දර්ශන රුවන් දිසානායකගෙනි.70 දශකයේ සිංහල සිනමාවට නැතිවම බැරි වූ ගී හඬ ඇන්ජලීන් ගුණතිලක දිගු කලකට පසු බ්‍රේකින් නිව්ස් සිනමාපටයට ගීත ගායනා කිරීම විශේෂත්වයකි.ඊට අමතරව උරේෂා රවිහාරි , රූනි බ්‍රේකින් නිව්ස් ගීත ගායනයෙන් හැඩ කරති.ගී පද රචනය ජයන්ත චන්ද්‍රසිරි , අමිල තේනුවරගෙනි.
ඕස්ට්‍රේලියාවේ‍ ප්‍රදර්ශනයට අමතරව යුරෝපය , මැදපෙරදිග රටවලද බ්රේකින් නිව්ස් සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව එහි නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නවසිනමා වෙත ප්‍රකාශ කර සිටියේය.
"මම චිත්‍රපට 13ක් නිෂ්පාදනය කරල මේ‍ 14වෙනි නිෂ්පාදනය තමයි බ්රේකින් නිව්ස්.ඒ වගේම ටෙලිනාට්‍ය 30ක⁣ට අධික ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ ලකී ඩයස්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය තමයි බ්රේකින් නිව්‍ස්.සාමාන්‍යයෙන් ලංකාවේ සිනමාව තුල අද ලොකු පිරිවැයක් දරා කරන්⁣නේ ඓතිහාසික නිර්මාණ.ප්‍රථම වතාවට ලංකාවේ ලොකු පිරිවැයකින් කරන කමඩි ෆිල්ම් එක බ්රේකින් නිව්ස් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්⁣නේ සම්‍මානනීය සංගීත අධ්‍යක්ෂකවරයකු වන දර්ශන රුවන් දිසානායක.ඔහුගේ සංගීත ශෛලිය අළුත්ම සංගීත ශෛලියක් බව අපි දන්නව.ඉතින් ප්‍රථම වතාවට එවන් අලුත්ම සංගීත ශෛලියක් කමඩි ෆිල්ම් එකකට යොදා ගන්නෙ.ඒ වගේම අවුරුදු 14කට පස්සේ ඇන්ජලීන් ගුණතිලක බ්රේකින් නිව්ස් ෆිල්ම් එකට ගීත ගායනා කරනව".බ්රේකින් නිව්ස් නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නවසිනමා වෙත වැඩිදුරටත් කියා සිටියේය.

.............ප්‍රසාද් පතිරණ............