ජුලි ඉඳන් පුංචි අපිත් බය නෑ දැන්

ජුලි ඉඳන් පුංචි අපිත් බය නෑ දැන් Featured

        ප්‍රියන්ත පතිරගේ අධ්‍යක්ෂණය කළ ජනක ප්‍රියංකර සහ සංදීප් සන්රාජ් නිෂ්පාදනය කළ නවතම සිනමා නිර්මාණය පුංචි අපිත් බය නෑ දැන් ජුලි මස සිට තිර ගත වීමට නියමිතය.

           "පසුගිය කාල වකවානුවේ අපේ රටෙහි ගම්‍වලට විශාල භීතිකාවක්ව තිබූ ග්‍රීස් යකුන් පිළිබඳ ඛෙදවාචකය ගෙන හැර දැක්වෙන ළමා චිත්‍රපටයක් තමයි පුංචි අපිත් බය නෑ දැන්."යනුවෙන් එහි නිෂ්පාදක ජනක ප්‍රියංකර  පැවසුවේය.
              "එක්තරා සුන්දර ගම්‍මානයකට එකවරම කඩාවදින ග්‍රීස් යකුන් නිසා එ් ගම්‍මානයේ මිනිසුන් විශාල  බයකට පත් වෙනව.මේ ගමේම ඉන්නව කඩයක් කරන මුදලාලි කෙනෙක්.ඔහු මේ‍කෙන් ප්‍රයොජන ගැනීමට හිතල ගම්‍ෙම තියන නිධානයක් ගන්න සැරසෙනව.ම්‍ෙ සිදුවීම් දකින ගමේ‍ ඉන්න නිර්භීත දරුවන් පිරිසක් ග්‍රීස් යකුන් අල්ලා ගැනීමට ඉදිරිපත් වෙනව.
              මේ අතරෙ ගමට පිටින් නාඳුනන පුද්ගලයො කීප දෙනෙක් එනවා.ඒ ග්‍රීස් යකුන් අල්ලන්න ආව cid නිළධාරීන්.ඔවුන්ගේ පැමිණීම මුදලාලිගේ නිධානයේ වැඩ කටයුතු වලට බාධා වන නිසා ඔහු විසින් මෙම ග්‍රීස් යකුන් විදියට පෙනී සිටින්නේ ⁣ඔවුන්යැයි ගම පුරා ප්‍රචාරය කරනවා.ඒ නිසා ඔවුන්ට ගම්‍ වාසීින්ගේ විවිධ හිරිහැරවලට මුහුණදීමට සිදු වෙනවා."නිෂ්පාදක ජනක මහතා සිනමාපටයේ කතා ශාරාංසය පැහැදිලි කරමින් කියා සිටියේය.
                මේ ආකාරයට ගමේ දරුවන්ට ග්‍රීස් යකුන් අල්ලා ගැනීමට හැකි වෙයිද?ග්‍රීස් යකුන් අල්ලන්නට පැමිණි cid නිළධාරීන්ට කුමක් සිදු වේවිද?ඔවුන් පැමිණි කාර්‍යය ඉටු කර ගැනීමට හැකි වේවිද?එය දැනගැනීමට නම් ඔබට පුංචි අපිත් බය නෑ දැන් නවතම සිනමාපටය නැරඹිය යුතුය.
                  ගිරිරාජ් කෞශල්‍යය,මහින්ද පතිරගේ,නිල්මිණි බුවනෙක,සුසන්තා චන්ද්‍රමාලි,සමන්ති ලැනරෝල්,රජිත හිරාන්(පිංපොං),ජනක ප්‍රියංකර අැතුළු ජනප්‍රිය නළු නිළියන් රැසකගේ රංගනයෙන් පුංචි අපිත් බය නෑ දැන් හැඩ වී අැත.