කාපු කට්ටේ ප්‍රතිපල දැන් ලැබෙමින් තියෙනවා.- යොවුන් රංගන ශිල්පී සංජය මුරමුදලි

කාපු කට්ටේ ප්‍රතිපල දැන් ලැබෙමින් තියෙනවා.- යොවුන් රංගන ශිල්පී සංජය මුරමුදලි Featured

මේ දිනවල විකාශය වන ජනප්‍රියතම නාට්ය කීපයකින්ම ආලින්දයට එන කෙනෙක්..ඉතින් ඔයාල කවුරුත් කැමැති ඇති ඔහුගේ නවතම තොරතුරු දැනගන්න.

පුංචි තිරයෙන් මේ දවස් වල ඔයාවා දකින්න පුළුවන් නාට‍ය ටික කියමුද මුලින්ම..

ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතත්යා අධයක්ශනය කරන ජාතික රුපවාහිනියේ විකාශය වන “ අමුතු රසිකයා”, රවින්ද්‍ර විජේරත්න මහතත්යා අධයක්ශනය කරන තරංග දිසානායක මහත්මයා නිෂ්පාදනය කරන හිරු රුපවාහිනියේ විකාශය වන “හුස්මක් තරම්” සහ සිරස රුපවාහිනියේ විකාශය වන “ඔබ නිසා”සදුන් රාජකරුණා මහත්මයා අධයක්ශනය කරන ස්වාධීන රුපවාහිනියේ විකාශය වන තෝඩු කියන නාට්යව වල මම රංගනයෙන් යෙදෙනවා.

ජනප්‍රිය නාලිකා කීපයක ජනප්‍රිය නාට‍ය වල ප්‍රධාන චරිතයට පනපොවන්න ලැබුනම සංජයට මොකද හිතෙන්නේ?

ඇත්තටම නිහතමානි සතුටක් දැනෙනවා.මේ තැනට එන්න මාර කට්ටක් මම කැවා.. කාපු කට්ට ටිකක් මතක්කරමුද? මම 2012 දී මහරගම ජාතික තරුණ සේවා සභාවේ නාට‍ය වැඩමුළුවකට අවා.. ඒ දවස් වල ටෙලි නාට‍යවල, වේදිකා නාට‍යක වල පොඩි පොඩි චරිත කළා.සමහර නාට‍ය වල රගපැවේ සල්ලි නැතුව.ගමේ ඉදල කොළඹ ආවට පස්සේ හරියට ඉන්න තැනක්වත් තිබුනේ නෑ. සමහර දවසට ෂුටීන් ඉවර වෙලා බඩගින්නෙම නිදාගත්ත එහෙම නිදා ගන්නත් තැනක තිබුනේ නැ.

ඒ කාපු කට්ටේ ප්‍රතිපල අද පේන්න තියෙනකොට මොකද හිතෙන්නේ?

ඔව් අද ඒ ප්‍රතිපල පේන කොට පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා.

ඔබගේ රංගන ජිවිතයේ ප්‍රධාන සංධිශ්ඨාන කොතනද කියලද ඔබ හිතන්නේ?

සිරස ෆිල්ම්ස්ටාර් තරගාවලිය තමයි මාව උඩු යටිකුරු කලේ.මම ඔය තරගය ගැන දැනගෙන හිටියෙත් නැ.අම්මයි නංගියි තමයි අයදුම්පත් දැම්මේ.අයදුම්පත් දැම්මත් මම හිතුවේ ඕව කරන්න පුළුවන් සල්ලි තියෙන අයට විතරයි කියලා.දොළොස්දාහක් අතරින් 16 දෙනාට අවට පස්සේත් මම හිතුවේ නැ කිරුල දිනාගන්න පුළුවන් වෙයි කියලා.කොහොම හරි මම ජයග්‍රාහකයා උනා.

ඔබ සිරස ෆිල්ම්ස්ටාර් තරගාවලියේ ජයග්‍රාහකයා උනාට පස්සේ රංගනයේ යෙදුන පළමු නාට‍ය ගැන මතක් කරමුද?

”සුර්යවප්ප්සා නාට‍ය තමයි මුලින්ම ලැබුනේ. ඊට පස්සේ මාය පටල නාට‍යටටත් සම්බන්ධ වුනා.

එකිනෙක වෙනස් චරිත කීපයක් එකම කලේ රංගනයේ දෙනකොට මොකද හිතෙන්නේ?

එකාකාරිම නොවී විවිධ චරිත කරනකොට ජීවිතයටත් හොදයි. “ඔබ නිසා “නාට්යියේ දුෂ්ට චරිතයක් කරන ගමන් “අමුතු රසිකයා” නාට්යතයේ දුක් , වේදනා සහිත අහිංසක චරිතයක් ලැබෙනවා.

web2

ඉති මේවගේ  එකිනෙකට වෙනස් චරිත ලැබෙනකොට සංජයට හිතෙන්නේ ජනප්‍රිය නළුවාගේ භූමිකාවට යන්නද? හොදම නළුවාගේ භූමිකාවට යන්නද?

මෙහෙමයි අයියේ. මම ආස රගපාන්න. ඒ ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න.ඉතින් අපි හොදට දෙයක් කරොත් කොහොමත් ජනප්‍රිය වෙනවා.ජනප්‍රිය වෙන්න රගපාන්නේ නෑ.මම ලැබෙන චරිත හොදට කරොත් මමත් ඒ නිර්මාණයත් ජනප්‍රිය වෙනවාමයි.මට ඕන  දක්ෂ නළුවෙක් බවට පත් වෙන්න.

ඔබ තවමත් රංගනය ඉගෙන ගන්නවා නේද?

ඔව්. මම කැලණිය විශ්ව විද්යාලයේ නාට‍ය හා රංග කළාව පාඨමාලාවක් හදාරනවා.

සංජය එළියේ ජීවිතයේත් නළුවෙක්ද?

අනේ නැ. මම සාමන්යශය කෙනෙක්.මම ගමේ ගියාම අප්පච්චිත් එක්ක ගොවිතැන් කරනවා.යාළුවොත් එක්ක බෝල ගහනවා.මම යන්නේ බස් එකේ. මම පොලවේ පය ගහල ඉන්න කෙනෙක්.

පුංචි තිරය ජයගත් ඔබ පුළුල් තිරය ජයගන්න කැමැති නැද්ද ?

අසයි බයයි.තවත් ටිකක් කල් ඉදලා හිමින් හිමින් සිනමාවට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ.

සංජයගේ අනාගත බලාපොරොත්තු මොනවද ?

එහෙම ලොකු බලාපොරොත්තු නෑ.හැබැයි අධ්ය‍ක්ෂකවරයෙකුගේ භූමිකාවට මම කැමතියි.ඒ නිසා අධ්ය ක්ෂකවරයෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ඉදිරියේදී ඔබ දකින්න පුළුවන් නාට‍ය මොනවද?

“බඹර අසපුව” ,“සුසුමක ඉම”, “භූමි” නාට‍ය වලින් ඉදිරියේදී මම රසිකයන් අතරට එනවා.

අවසන් වශයෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා.ඒ ප්‍රතිචාර වලින් තව තවත් වැඩ කරන්න දිරියක් ලැබෙනවා.හොද නරක ලැබෙන ප්‍රතිචාර බලලා ජීවිතය සාර්ථක කරගන්නවා.

විජිත උදය කුමාර