දැන් හැදෙන ටෙලි නාට්‍ය වල කිසිම ප්‍රමිතියක් නැහැ -අමීශා කාවින්දි

දැන් හැදෙන ටෙලි නාට්‍ය වල කිසිම ප්‍රමිතියක් නැහැ -අමීශා කාවින්දි Featured

මේ දිනවල තිරගත වන කුසල්' චිත්‍රපටයේ රගපාන අමීශා කාවින්දි සිනමාවට පැමිණෙනුයේ කාලයකිනි. මීට ප්‍රථම ඇය චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත රගපෑවාය.පසුගිය කාලය පුරා ඇගේ වැඩි අවධානය යොමු වූයේ සිය ආදරණීය සැමියා අර්ජුන කමලනාත් වෙනුවෙනි. බොහෝ විට ඇය සිය වෘතීය ජීවිතේ පිලිබදවත් සිතන්නේ නැතුව ඔහු වෙනුවෙන් කැප වුණේය. මෙවර අපේ කතාබහට අමීශා කැදවා ගත්තේ මේ දිනවල තිරගත වන අර්ජුන කමලනාත් ගේ '' කුසල්'චිත්‍රපටයේරංගනය වෙනුවෙනි.

අමීශා බොහොම කාලෙකින් සිනමාපටයකින් මුණගැහෙන්නේ නේද?

ඔව්. හුගාක් කාලෙකින් තමයි. මම පහුගිය ටිකේම රංගනය ටිකක සීමා කරල හිටියා.මට හිතුණා නිෂ්පාදනය පැත්තට යොමු වුණොත් හොදයි කියලා.නිශ්පාදිකාවක් විදියට මම කල චිත්‍රපටයක් ලගඩීම තිරගත වේවි. ඒකේ නම''කිඩ්නැප්'' මට හිතෙනවා දැන් මම රංගනයට වඩා නිශ්පාදනයට ලැදියි කියලා.

රංගනයයි නිශ්පාදනයයි කියන්නේ විෂයයන් දෙකක් නේද?

ඔවු මේ දෙක විෂයයන් දෙකක් තමයි. ඒක මම හොදින් අවබෝධ කරගෙන ඉන්නේ.රංගනය කරනකොට ඒක ඉවරවෙලා සැහැල්ලු හිතින් ගෙදර එන්න පුලුවන්.ඒත් නිශ්පාදන කාර්යයේදී ඒක කරන්න බැහැ.අපිට සමස්ත නිර්මාණයේම වගකීම දරන්න ඕන.මේ නිසා ලොකු කාර්ය බහුලත්වයකුත් ඇතිවෙනවා.කොහොම වුණ්ත් මම දැන් නිශ්පාදනය පැත්තට යොමුවෙලා ඉවරයි. ඉදිරිය පිලිබද සුබවාදීව හිතනවා.

වර්ථමාන සිනමාවතුල තිබෙන්නේ අර්බුධකාරී තතවයක්. මේ තුල ඔබේ නිශ්පාදන කාර්යයත් අභියෝගයට ලක්වෙනව නේද?

ඇත්තටම ඔව්. හුගාක් චිත්‍රපට අසාර්තක වෙනවා. ඒක අද බහුලවම දකින්න තිබෙන කාරණාවක්.අපේ සමාජයේ කාලෙන් කාලට ප්‍රීක්ෂක රුචි අරුචිකම් වෙනස් වෙනවා.චිත්‍රපට හදන අපි ඒ තත්වය දැන සිටිය යුතුයි.චිත්‍රපටය හදන කාලෙට තිබෙන රැල්ලට චිත්‍රපට හැදුවට වැඩක් නැහැ.ඒක නොබෝ දිනකින්ම වෙනස් වෙනවා.අපි නිතරම ප්‍රේක්ෂක රුචි අරුචිකම් පිලිබදව අවධානයෙන් සිටිය යුතුයි.

කුසල් චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කතාකලොත්?

කුසල් චිත්‍රපටයේ මම රගපාන්නේ '' මීෂා'' කියන චරිතය. ඒක කලු චරිතයක්. වෙනස් චරිත කරන්න මම හරි ආසයි. මම හරිම ආසාවෙන් මේ චරිතය කලේ.

ලගදි කලේ මේ චරිතය විතරද?

මම කරපු චිත්‍රපට පෝලිමක්ම තියෙනව එන්න. තිරගත වෙනකොට ඒ ඔක්කොම එකට එයි.

දැන් ඔබ ටෙලි නාට්‍යවල රගපාන්නේම නැත්ද?

රගපාන්නේම නැති තරම්. මට ඇත්තටම දැන් ටෙලි නාට්‍ය එපාවෙලා.

ඒ මොකද ටෙලි නාට්‍ය ඒ තරමටම එපා වුනේ?

දැන් හැදෙන ටෙලි නාට්‍ය වල කිසිම ප්‍රමිතියක් නැහැ. ඒ එකකටවත් හරිහමන් තිර රචනයක් නැහැ.අපි දර්ශන තලයට ගියාම දවසට දර්ශන පහලොවක් විතර ගන්නවා.එහෙම රගපාන්න පුලුවන්ද? හරියට රොබෝ කෙනෙක් වගේ.අනිත් කාරණය මේ නාට්‍යවල අවසානයක් අපිත් දන්නේ නැතිවීම.

kusala

ඔබේ මුල් කාලේදි ඔබත් මෙගා ටෙලි නාට්‍යවල රග පෑවා නේද?

ඔව්. මමත් ඒ කාලේ රගපෑවා තමයි. නමුත් ඒ කාලේ මේ තරම්  විනාශ වෙලා තිබුනේ නැහැ.මම මුල් කාලයේ '' කාව්‍යා'', නිලන්ජනා'' වගේ නාට්‍ය වලට දායක වුණා. හැබැයි ඒවයේ වැඩ කලේ ඉන්දියානු ශිල්පීන්. ඔවුන් අපට හුගක් හොදින් සැලකුවා.දවසටම එක ශිල්පියෙකුට තිබුනේ සීන් තුන හතරයි.නමුත් දන් ලංකාවේ කරන නාට්‍ය වල එහෙම නෑනේ.

ඉතිං..... ඉදිරි නිර්මාණ් කටයුතු කොහොමද?

මට පහුගියකාලේ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණා. ඒක මගෙ ජීවිතේ මට ලැබුණු සිවිෂාල භාග්‍යයක් හැටියට මම සලකනවා. ඔහිත් සමග චිත්‍රපටයක වැඩකලා කියන්නේ හරියට රංගනය ඉගෙන ගන්න පාසලකට ගියා වගේ තමයි.ඒ තරමට දේවල් මම ඔහුගෙන් ඉගෙන ගත්තා.මේ වසරේ අග භාගය වනවිට ඒ චිත්‍රපටයත් තිරගත වේවි.

හිරුනි වන්දනා