අපි දෙන්න මිට කලින් දැකලවත් තිබුනෙ නැ - හිමාලි සිරිවර්දන

අපි දෙන්න මිට කලින් දැකලවත් තිබුනෙ නැ - හිමාලි සිරිවර්දන Featured

නිලංජනා මව නිලංජනා බලහත්කාරයෙන්ම ව්යාපාරිකයෙකුට විවාහ කරලා දුන්නා. නිලංජනා විවාහ වුණේ කැමැත්තකිගෙන් නෙවෙයි.ඒක නිසාම නිලංජනාගෙ පවුල්ජීවිතය සර්ථක වුණේ නැ. අනිත් එක අර ව්‍යාපාරිකයා නිලංජනා විවාහ කරගත්තෙත් නිලංජනාට තිබුණ ආදරයට නෙවෙයි.නිලංජනාගෙ ලස්සන යොදාගෙන තමන්ගෙ බිස්නස් සාර්ථක කරගන්න.
ආදරය නැතිව කාටවත් ජිවත්වෙන්න බෑ.ඒක සදාතනික සත්යයක්.....නිලංජනා ඒක නැවත ඔප්පු කරනවා.ඇය වෙනත් ආදරයක් හා බැඳෙනවා.
ඊටපස්සේ..........
ඔව්........ඊට පස්සේ..........මේ අහිංසක ආදරය ගැන නිලංජනාගෙ නාමික සැමියට ඉව වැටෙනව.. ...
නිලංජනාගෙ සැමියම නිලංජනා පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහින් ඒක නිලන්ජනගේ අහිංසක පෙම්වතා පිටින් දානවා.
නිලංජනා ගේම අත්හරින්නේ නැ......
ඇය රඳවාගෙන ඉන්න ස්ථානයෙන් පැනල යනවා....ඊටපස්සෙ ඇය අතුරුදහන් වෙනව.සම්පුර්ණ ජීවිතයයම වෙනස් කරගන්නා නිලංජනා රහස් ජීවිතයක් ගත කරනව.
වරදක් නොකරපු නිලංජනාගෙ පෙම්වතා සාක්කි නොමැති නිසා නිතිය ඉදිරියේනිවැරැදි කරුවා වෙනව..... ඔහු නිදහස් වෙනවා.
ආදරයෙ නාමයෙන් නිලංජනාට තම පනමෙන් ආදරයකරපු පෙම්වතා නැවත හමු වෙනව.
ආදරය සොයපු නිලංජනාට ආදරය විඳින්න ලෑබෙයිද.....?නිලංජනාගෙ අනගතය කොහොම වෙයිද.....?
මේ සියල්ලටම පිළිතුරු මේදවස්වල සිනමාහල්වලට ගියොත් බලා ගන්න පුළුවන්...............
අපි නිලංජනා ගැන හිමාලි සිරිවර්දන කියන යොවුන් නිළියගෙන් අහන්න තීරණය කරා. ඒ මොකද දන්නවද....?ඇය තමයි නිලංජනා චිත්‍රපටයේ නිලංජනාට පණ පොවන්නේ..................

නිලංජනා කියන චරිතය ඇතුලේ භූමිකා කීපයක්ම කරන්න තිබුණ නේද හිමාලි.........?
ඔව්....අයියේ ,...මට කාලෙකින් ලැබුන හොඳ චරිතයක්.පරාසයන් කීපයක් ඔස්සෙ ඇගේ කතාව දිග හැරෙනවා.විටෙක ගමේ අන්ත දුප්පත් චරිතයක් ලෙස...,විටෙක බටහිර පන්නයට හැඩගැසුණ,ක්ලබ් යන,මදුවිත පානය කරන විසේකාර තරුණියක්,විටෙක ආදරය නොමැතිව දුක් විඳින තරුණියක්,විටෙක ආදරයෙන් උන්මාද වුනු චරිතයක් ......

මෙම චිත්රපටයේ ප්‍රවීන නළු නිලියන් කීපදෙනෙක් සමග ඔබට අත්දැකීම් බෙදාගන්න හැකියාව ලැබෙනවා නේද ...?
ඔව්.....ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීනයන් කීපදෙනෙක් ඇසුරු කරන්න මට වාසනාව ලැබුන.මේ චිත්රපටය නිසා..ඔවුන් එක්ක රංගනයේ යෙදෙන්න ලැබීමත් වාසනාවක්.මගේ අම්මට ඉන්නෙ ශ්‍රියානි අමරසේන අක්ක.මගේ සැමියාට ඉන්නෙ පාලිත සිල්වා. තවත් බොහෝ ප්‍රවීනයන්මේ චිත්‍රපටයේ හිටියා.
ඒ වගේම කියන්න ඕන.....මේ චිත්‍රපටයේ නවක රංගන ශිල්පියන් හා ශිල්පිනියන් රාශියකුත් හිටිය..මගේ පෙම්වතාට ඉන්නෙත්ත් නවක රංගන ශිල්පියෙක් ..කැලුම් කියල.


ඔබ ගොඩක් චිත්රපටවලට දායක වුනු රංගන ශිල්පිණියක් නෙවෙයි... නිලංජනා භාරගන්නකොට එයා සාර්ථකව කරන්න පුළුවන් වෙයි කියල හිතුනද...?
මෙහෙමයි අය්යේ....මම ගොඩක් චිත්‍රපට රංගනයෙන් දායක නොවුනට යමක් කරන්න තියෙන චරිතයක් මම හොයා හොයා හිටියෙ.මොකද මම ටෙලි නාට්ය රාශියක රඟපාලා අත්දෙකිම් ගොඩක් තියෙනවා.ඒ නිසා නිලන්ජනගේ චරිතය ලැබුනම මට චකිතයකට වඩා සතුටක්.....දැනුනා...


ඔබේ පෙම්වතාගේ චරිතයට ඉන්නෙ නවක රංගන ශිල්පියෙක්........?
ඔව්....ඔහු කැලුම්...අපි දෙන්න කවදාවත් මිට කලින් දැකලවත් තිබුනෙ නැ .ඔහු මුලදිනම් භයවුනා....ටිකක් කල් යනකොට අපි හොඳ මිතුරන් බවට පත් වුනා.ඉතිං......කථා බහ කරගෙන සහයෝගයෙන් ඔහු සමග වැඩ කරා...ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්.....


හිමාලි හිතනවද මේ චරිතය තුලින් සිනමාව ජයගන්න ලැබෙයි කියල.......?
ම්ම්ම්ම්ම්ම් ..........එහෙමම කියන්න අමාරුයි......ටෙලි නාට්යවල මට අත්දෙකිම් ගොඩක් තියෙනවා.ඒ වුනාට චිත්‍රපටවල මට ලොකු අත්දැකීම් නෑ.ටෙලි වල රංගනයට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රපටවල රංගනය.හැබැයි මම නිලංජනාට සාධාරණයක් කරා කියල අධ්යක්ෂකවරය ඇතුළු සියළු ප්‍රවීනයන්  කිව්වා.ඉතිං ඉතුරු ටික ප්‍රේක්ෂකයන්ට භාරයි.මොකද ටෙලි නාට්‍ය වගේ නෙවෙයි, ප්‍රේක්ෂකයෝ සිනමාහල් වලට ගිහින් බැලුවොත් තමයි අපි ජනප්‍රිය වෙන්නෙත්...නිෂ්පාදකවරයා දිරිමත් වෙන්නෙත්.....ඉති මට කියන්න තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට රහට බැලිය හැකි කථා තේමාවක් තියෙන ලස්සන චිත්‍රපටයක් කියල නිලංජනා කියන්නෙ...අළුත් අව්රුද්ද භුක්ති විදලා සතුටින් ඉන්න වෙලාවේ ඒ සතුට තව වැඩි කරගන්න නිලංජනා බලන්න කියල මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.......


මේ දවස්වල හිමාලි රංගනයෙන් දායක වෙන නාට්‍ය මොනවද........?
“සිත් අහස යට“ සහ “සඳදියමංකඩ“ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා.


එතකොට හිමාලි මේ දවස්වල මොනවද කරන්නෙ...................?
හිරු රූපවාහිනි නාලිකාවෙන් පවත්වන මෙගා ස්ටාර් අවසාන මහ තරඟයට සූදානම් වෙනවා.


කවද්ද තියෙන්නෙ...................?
අප්‍රේල් 29

ඔබට සහ ඔබගේ කණඩායමට අපි ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි... අයියෙ..


ඔබ වැඩියෙන්ම කැමති ටෙලි නාට්ය ලැබෙනවටද.....? චිත්‍රපට ලැබෙනවටද.....?
මම දැන්අයියේ, ටෙලි වල රඟපාන්නේ තෝරා බේරා ගෙන....මම හිතනවා මට ඉදිරියේදී චිත්‍රපට වැඩියෙන් ලැබෙයි කියල.මොකද මම චිත්‍රපටවල රඟ පාන්න හරි අසයි.එත්..මට ලැබුණු අවස්ථා ප්‍රමාණය හරි අඩුයි.....


ඔබ රඟපෑ තිරගත වීමට නියමිත තවත් චිත්‍රපට තියෙනවද?
මේ ළඟදි තිරගත වුණා “රන්සයුර“ චිත්‍රපටය. ලකී ඩයස් මහත්තයා අධ්‍යක්ෂණය කරපු “බ්‍රේකින් නිව්ස්“ චිත්‍රපටය තිරගත වීමට තියෙනවා.


------------------------------------------විජිත උදය කුමාර--------------------------------------------------------

සැකසුම : නිශාන්ත ලියනගේ