වික්ටෝරියා සහ අබ්දුල් ප්‍රදර්ශනය අරඹයි

වික්ටෝරියා සහ අබ්දුල් ප්‍රදර්ශනය අරඹයි Featured

එංගලන්තයේ වික්ටෝරියා රැජින තරුණ අබ්දුල් කරීම් නමැති  ඉන්දියානු ලිපිකරුවෙකු සමඟ එක්තරා මිත්රශීලී සම්බන්ධයක් පවත්වාගෙන යයි.

අබ්දුල් කරීම් එංගලන්තයේ බිසව ඉතා විශේෂ පුද්ගලයෙකු ලෙස සලකන අතර ඇය කෙරෙහි දක්වන කරුණාව අතිශය ප්‍රසන්න වෙයි.මේ අසාමාන්ය සත්ය කතාව පිළිබඳ ශබ්රානි බසුගේ කෘතිය පදනම් කරගෙන  නිර්මානය වූ වික්ටෝරියා සහ අබ්දුල්  සිනමා පටය දැන් ලොව පුරා ප්‍රදර්ශනය අරබා ඇත.

ඇය ඉන්දියාවේ අධිරාජිනියද වන අතර ඔහු කුර්ආනය උගන්වමින් තම සංස්කෘතිය  ඇය සමඟ බෙදාගනියි. කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා අතර ශක්තිමත් මිත්රත්වයක් වර්ධනය වන අතර රාජකීයන් තුළ තිගැස්මක් සහ නිශ්ශබ්දතාවයක් ඇති කරයි.  

ජුදී ඩෙන්ච්, අලි ෆසාල්, එඩ්ඩි ඉස්සාඩ්, ඇඩියෙල් අක්තාර්, පෝල් හිග්ගින්ස්, ඔලිවියා විලියම්ස් රගපාන අතර වික්ටෝරියා සහ අබ්දුල්   ස්ටීවන් ෆ්රාර්ස් අධ්යක්ෂණය කළේය. ලිබර්ටි ඇතුළු  සිනමාහල් කිහිපයකදී දැන් ඔබට වික්ටෝරියා සහ අබ්දුල්  නැරඹිය හැක.

ට්‍රේලරය නරඹන්න.

මේ එහි රූපරාමු කිහිපයකි.