ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ 9වැනි සිනමා නිෂ්පාදනය ටෙනිසන් කුරේ සමග

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ 9වැනි සිනමා නිෂ්පාදනය ටෙනිසන් කුරේ සමග

ප්‍රකට සිනමා ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ගේ 9 වැනි සිනමා නිෂ්පාදනයේ මුහුරත් උළෙල පසුගියදා දළුගම ජාතික චිත්‍රපට සංස්ථාවේ සහාපති දීපාල් චන්ද්‍රරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය ජේෂ්ට හාස්‍ය ජනක රංගන ශිල්පී ටෙනිසන් කුරේ මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතය නිරුපනය කරනු ලබන අතර රොජර් සෙනෙවිරත්න ක්ලීටස් මෙන්ඩිස් විජේරත්න වරකාගොඩ විල්සන් ගුණරත්න නයනා කුමාරි ගයත්‍රී ඩයස් සුරේශ් ගමගේ සනෝජා බිබිලේ විශාකා සිරිවර්දන ඇතුළු ජේෂ්ඨ රංගන ශිල්පීන් ගණනාවක් ඇතුලත් මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂණය ආචාර්ය ආර් පි තිස්ස සහ ජයරත්න සිල්වා විසිනි කිර්ති බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය ජුනි මස අග භාගයේ රුගත කිරීමට කටයුතු යොදා ඇත ආචාර්ය අරෝෂ ගේ 10වැනි සිනමා නිෂ්පාදනය මාලදිවයින සමග ඒකාබද්ධ ජාත්‍යන්තර සිනමා නිෂ්පාදනයක් ලෙස රුගත කිරීමට කටයුතු කරමින් සිටින බව අප හට පැවැසීය.

තානාපතිලාගේ ගෙදර චිත්‍රපටයේ විශේෂ දර්ශනයකදී

574ed31654006

ශ්‍රී ලාංකික මාලදිවයින් සහ ඉන්දියානු නළුනිළියන්ගේ රංගනයෙන් මෙම ච්ත්‍රපටය ආදරණීය කතාවක් වශයෙන් මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන වල අගෝස්තු මස සිට රූගත කිරීමට සැලසුම් කරන බවත් දර්ශනතල නළුනිළියන් තෝරා ගැනීම සදහා නොබෝ දිනකින් මාලදිවයිනට යෑමට ඇතිබවත් ආචාර්ය අරෝෂ තවදුරටත් අප හට පැවසීය සිංහල සිනමාවේ අඩුම කලකින් චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනයෙන් ප්‍රචලිත වූ ආචාර්ය අරෝෂ පසුගිය වසර 3 ක කෙටි කාලයකදී චිත්‍රපට 8ක් නිෂ්පාදනය කරමින්ද චිත්‍රපට ශාලා වැඩි දියුණුව සහ අනෙකුත් අර්බුදකාරී ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට ප්‍රමුඛව කටයුතු කර ඇත එම කෙටිකාලයෙදීම ඔහු ටෙලිනාට්‍ය 3ක් සහ වේදිකා නාට්‍ය 2ක් නිෂ්පාදනය කරමින් එම අංශ වලටද දායකත්වය ලබාදී ඇත ඔහුගේ 7 වැනි නිෂ්පාදනය "තානාපතිලාගේ ගෙදර " චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ලගදී අවසන් වූ අතර විශේෂ දර්ශනයක් කොලබ එක්ස් එල් සිනමා ශාලාවේදී තිරගත කරන ලදී මෙම චිත්‍රපටය වසර 1200 ශ්‍රී ලාංකික ඉතිහාසයක් නිරුපනය කරන අතර වැඩිම ජෙෂ්ඨ සිනමා ශිල්පීන් සහභාගිත්වයෙන් සහ වැඩිම ප්‍රදේශ ගණනාවක රූ ගත කල චිත්‍රපටය වශයෙන් ආචාර්ය අරෝෂ හදුන්වාදෙන ලදී මෙය නලින් මාපිටියගේ කුලුදුල් සිනමා අධ්‍යක්ෂනයක් සහ සම නිෂ්පදනයක්ද වේ ආචාර්ය අරෝෂ ගේ 8වැනි සිනමා නිෂ්පාදනය "බ්‍රේකින් නිව්ස් " මෙම දිනවල ලකී ඩයස්ගේ අධ්‍යක්ෂණයෙන් රූගත වන අතර විජය නන්දසිරි මහේන්ද්‍ර පෙරේරා ලකී ඩයස් හිමාලි සිරිවර්දන රෙක්ස් කොඩිප්පිලි විශ්ව ලංකා ඇතුළු ශිල්පීන් ගණනාවකගේ නිරුපනයෙන් නව මාදිලියේ විකට චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙමින් පවතී.

බ්‍රේකින් නිව්ස් චිත්‍රපටයේ රුගත කිරීම් ලකී ඩයස් සමග

574ed39b413b7

ටෙනිසන් කුරේ සමග නිපදවන නවතම විකට චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී

574ed41454846