නවතම නිර්මාණය 'නෙලා' - බෙනට් රත්නායක

නවතම නිර්මාණය 'නෙලා' - බෙනට් රත්නායක

අස්වැසුම, ඉරහදයට වැනි චිත්‍රපට නිර්මාණය කරමින් මෙරට සිනමා ක්ශේත්‍රය තුල සුවිෂේශී සලකුණක් සනිටුහන් කල ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක ගේ නවතම සිනමා නිර්මාණය වන්නේ,' නෙලා' ය. මේ වනවිට සියලු වැඩ කටයුතු නිමවී ප්‍රදර්ශණය සදහා පෙල ගස්වා ඇති 'නෙලා' චිත්‍රපටය සදහා පසුබිම් වී ඇත්තේ 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ලංකාවේ කලුතර ප්‍රදේශය පසුබිම් කරගෙන තැනුණු ප්‍රේම කතාවකි.

580e4652addafසුන්දර පරිසරයකදී හමුවන ජෝර්ජ් සහ නෙලා අහිංසක පෙම් යුවලකි හදිසියේම ඔවුන් අතරට පැමිනෙණ ආගන්තුකයකු නිසාවෙන් නෙලා ගේ ජීවිතය වෙත පැමිනෙණ විවිධ සංසිද්ධීන් වටා මෙම චිත්‍රපටය ගෙතී ඇත නෙලා ගේ ජීවිතයට එබෙන ආගන්තුකයා වන්නේ දොස්තර ටියුඩර්ය . ටියුඩර් ගේ ආගමනය නිසා වෙනස්වන නෙලා ගේ ජීවිතය අපට කියා දෙන්නේ ආද්යත්මික ආදරයේ ගැඹුර පිලිබද වන අපූර්වතම අත්දැකීමකි. නෙලා සදහා රංගනයෙන් ශලනි තාරකා, උදාර රත්නායක, තාරුකා වන්නිආරච්චි, තුමිඩ්ජු දොඩන්තැන්න, උදාරි පෙරේරා, රොශාන් පිලපිටිය, සේමිණී ඉද්දමල්ගොඩ, පාලිත සිල්වා, පුෂ්පරාණි සත්යා, අනුර ධර්මසිරිවර්ධන, ට්‍රිනිවාස්, තිමොති ඔනෙලි,එච්. විජේසුන්දරම්, එස්.ප්‍රතිශ්කාර්, අජිත් දාබරේ, ටෙවන් බෙන්ජර් දායකත්වය දක්වති. නෙලා හි තිරරචනය, හා අද්යක්ෂණය බෙනට් රත්නයකගෙනි.

සමන්මලී හේවාමාන්න නිෂ්පාදනයෙන්ද, එච්. ඩී. ප්‍රේමසිරි, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු, අතුල මාවලගේ සම නිෂ්පාදනයෙන්ද,මේ සදහා දායකවේ. නෙලා,හි කැමරාකරණය රුවන් කොස්තා ගෙනි. සංගීතයෙන් සුරේශ් මාලියද්ද් ද , කසුන් කල්හාර ,ශ්‍රියා කාරියවසම් ගායනයෙන් ද නිලාර් එන් කාසිම් ගීත රචනයෙන්ද ලාල් හරීන්ද්‍රනාත් කලා අද්යක්ෂණ‍යෙන්ද ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණයෙන්ද එක්වේ. නෙලා හි ඇදුම් නිර්මාණය අතුල සුල්තානාගොඩය. චාමර සේලාර සහය අද්යක්ෂණයෙන්ද දමින්ද ඩී මඩවල නිෂ්පාදන කලමනාකරණයෙන්ද අජිත් රාමනායක ස්ංස්කරණයෙන්ද දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන්ද අරුන ප්‍රියන්ත කලුආරච්චි සහ මක්ලේන් ඇඩම්ස් ශබ්ද සංයෝජනයෙන්ද අමිල ප්‍රභාත් නිශ්චල ඡායාරූපකරණයෙන්ද නෙලා සදහා දායක වේ.

නෙලා----- ආදරය සැමවිට ඔබලග අවදියෙන්......

හේමාලි-----කසුම : නිශාන්ත ලියනගේ