රුපවාහිනිය දෙස සුබවාදීව බැලූ සිනමාවේදියා - තිස්ස අබේසේකර

රුපවාහිනිය දෙස සුබවාදීව බැලූ සිනමාවේදියා - තිස්ස අබේසේකර

ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ගුණානුස්මරණය නිමිත්තෙන්මෙම සටහන ලියවෙනවා

මෙරට පහලවූ විශිෂ්ටතම තිරනාටක රචකයා තමයි තිස්ස ඔහුගේ තිරකතා සාහිත්‍ය කෘති ලෙස වුව කියවා රසවිදීමට පුළුවන් .තිස්ස සිංහල සිනමාවේ හොදම චිත්‍රපට තුනකටම කුමන හෝ අංශයකින් සම්බන්ද වුවෙක් .'ගම්පෙරළියේ" අතිරේක දෙබස් රචකයා හා සහය අධ්‍යයක්ෂවරයා වූ හෙතෙම නිදානය සිනමාපටයේ තිරනාටක රචකයා වුණා "විරාගය" චිත්‍රපටයේ අධ්‍යයක්ෂණය මෙන්ම තිරනටකයද තිස්සගේ තිස්ස වෘතාන්ත චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කර තිබෙනවා ඒ "ලෝකහොරු" කරුමක්කාරයෝ' මහගෙදර" විරාගය' හා "මංමුල වැල්" ..

"මංමුල වැල් "තිරගත නොවූ චිත්‍රපටයක් ඒ හැරුණු කොට ඔහු වාර්තා චිතරපට රැසක්ද අධ්‍යක්ෂණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ රුපවාහිනී මාධ්‍යය අවතීර්ණ වූ වකවානුවේ ඒ දෙස සුබවාදී හැගීමකින් බැලූ ප්‍රවීණයන් අතර තිස්ස ප්‍රමුඛයෙක් .සිනමාව කෙරෙහි අහිතකර බලපෑමක් කලත් ලෝකයේ බොහෝ රටවල කෙරෙන්නාක් මෙන් චිත්‍රපටයේ අභිවෘද්දීයට රුපවාහිනිය යොදාගත යුතු බව හෙතෙම මුල්කාලයෙදීම වාගේ කියා සිටියේය .

නිදර්ශනයක් වශයෙන් ජර්මන් නව සිනමාව බිහිවුනේ රුපවහිනියේද සනුබලයමත බව අවධාරණය කළා.කිසියම් චිත්‍රපටයක් සිනමාහල් වල ප්‍රදර්ශනයට පැමිණීමෙන් ඉක්බිතිව එහි දීර්ඝ ධාවන කාලයකින් යුතු පිටපතක් රුපවාහිනී මාධයෙන් ටෙලි වෘතාන්තයක් සේ විකාශනය කල හැකි බව තිස්ස කියා සිටියා ඔහු ඊට උදාහරණයකට ගන්නේ "ඉංග්මාර් බර්මන් " ෆනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්" චිත්‍රපටයයි.එය චිත්‍රපටයක් මෙන්ම ටෙලි මාලාවක් වශයෙන්ද ඉදිරිපත් කෙරුණා.

573fccbacc47e

රුපවාහිනී මාධ්‍යට තිස්සගෙන් ඉටුවූ මෙහෙවර සාමාන්‍යයෙන් කව්රුත් කතා කර නැහැ .මෙය ඊට සුදුසු අවස්ථාවක්. තිස්ස ඒකාංගික හා ප්‍රසාංගික සාහිත්‍ය වශයෙන් ටෙලිනාට්‍ය කීපයක්ම නිර්මාණය කළා .ඒ හැරුනුකොට තිරනාටකයන් හා රංගනයෙන්ද ඔහු මෙම මාධ්‍යට නිර්මානත්මකව දායක වුණා ."ලේලි" "බයිසිකලය " "එකගෙයි අවුරුද්ද " "ගංගාව තරණය " "තුන්කල් සිහිනය "ඔහුගේ ඒකාංගික ටෙලිනාට්‍ය වේ .පළමුව සදහන් ටෙලිනාට්‍ය පිලිවෙලින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගුණදාස අමරසේකරයන්ගේ හා කේ ජයතිලකගේ කෙටිකතා පාදකකරගත් කෘති "දොළොස්මහේ ගංගාව " "වනසරණ " හා පිටගන්කාරයෝ " තිස්සගේ ප්‍රසාංගික ටෙලිනාට්‍ය වේ ."වනසරණ " වනයක තිසාහාමි නැමති වැදී නායකයකුගේ චරිතය කේන්ද්‍රකරගත්තාක්.

මෙම චාරිතයේ ඇතුලත් වන්නේ දොස්තර ආර් .එල් ස්පිටල් ගේ "වනසරණ " ( SAVAGE SANCTUARY )හා "මැකී ගිය දඩමන් " ( VANISHED TRAILS ) නම්වූ පොත් දෙකේ තිසහාමිගේ චරිතය හා තිස්ස දරා ඇති අදහස් මෙසේයි ." තිසාහාමි දෙලොවක් අතර අතරමංවූ පුද්ගලයෙක් .අනිත් අතින් "විරාගයේ" අරවින්ද මෙන් අසම්මත චරිතයක් .ඇත්ත වශයෙන්ම ඔහුගේ ජීවිතය සැබෑ ශෝකාන්තයක් .ඒ වගේම ඔහු අසාමාන්‍ය පෞර්ෂයකින් හෙබි සංවේදී පුද්ගලයෙක් ." තිස්ස අධ්‍යක්ෂණය කල සෑම ටෙලිනට්‍යකම තිරනාටක ලීවේද තිස්සමයි .(ඇතැම් ටෙලිනාට්‍යක දෙකක කතා රචනය සුදත් රෝහණගේ "ගංගාව තරණය: තුන්කල් සිහිනය " වැනි ) තම ටෙලිනාට්‍ය හැරුනුකොට සුදත් රෝහණගේ "කරුවලගෙදර " ටෙලිනාට්‍ය පිටපත තිස්සගේ .එය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතාවක් ආශ්‍රය කරගත්තකි .

තිස්ස දක්ෂ චරිතාංග නළුවෙක්ද වෙනවා ඔහු වීරාපුරන්අප්පු චිත්‍රපටයේ කුඩාපොළ හාමුදුරුවන් ලෙස කල රංගනය අපට කිසිදා අමතක කරන්න බැ." මන්දාරම් එලි " "යුගවිලක්කුව ""සමුගත් වසන්තය "උතුවන්කන්දේ සරදියෙල් "තිස්ස රංගනයෙන් එක්වූ ටෙලිනාට්‍ය කීපයක් .මේ සියල්ලටම අමතරව තිස්ස ටෙලිනට්‍යවේදීන්ගේ සංසදයේ ආරම්භක සභාපතිවරයාය .පසුව ඔහු එහි ගරු සාමාජිකත්වයෙන් පිදුම් ලැබුවා .තිස්ස කලක් ශ්‍රී ලංකා රුපවාහිනී අභ්‍යාස ආයතනයේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කළාය.

සුනිල් මිහිඳුකුල